RSS

ඉවරයක් නැති බැනුම් ඇහිල්ල

අපේ රට තරම් අනිත් මිනිස්සුන්ට බනින රටක් කොහේවත් නැතුව ඇති. හොඳට කල්පනා කරලා බලන්න අපි දවසකට කීදෙනෙකුගෙන් බැනුම් අහනවද කියලා. ඔන්න උදේ නැගිටලා බස් එකට නැග්ග වෙලේ ඉඳලා කොන්දොස්තරගෙන් බැනුම්. ඇත්තටම පුදුම හිතෙනවා. මිනිස්සු මේ කොන්දොස්තරලා කියන කතා කොහොම ඉවසනවද කියලා. ඉතුරු සල්ලි ඉල්ලුවා කියලා මට කුනුහරපෙන් බැනපු කොන්දොස්තරලාත් මට හම්බ වෙලා තියෙනවා. පව් ඉතින් බස් වල බඩ ගාන්නෙත් වැඩිපුර තමන්ගේ පැලැන්තියේ අය කියලා එයාලට තේරෙන්නේ නැතුව ඇති.

වැඩක් කරගන්න ගියොත් ඒ තැන්වල අයගේ ගෑස් බලලා පන යනවා. ගොඩක් අය හදන්නේ වැඩේ නොකර ඉන්න.

ඔක්කෝටම වැඩියේ කට්ටිය බැනුම් අහන්නේ පොලිසියේ අයගෙන්.ඇත්තටම අපේ පොලිසිය එන්න එන්නම පහලට තමයි යන්නේ. කතා කරන්න නම් වෙනම උගන්නන්න වෙයි. එයාලා නීතිය කරන හැටි ඇත්තටම පුදුමයි. මගේ වාහනේ ත්‍රී වීල් එකක් වමෙන් ඉස්සර කරන්න ගිහිල්ලා හැප්පුවා. පොලිසියේ හැසිරීම හරිම නින්දිතයි. ත්‍රී වීල් කාරයගේ කරෙත් අත දාගෙන තමයි හිටියේ.පොලිසිය ඇතුලෙත්.

අපේ ගොඩක් හාම්පුතාලත් සේවකයන්ගෙන් බැනලා වැඩ ගන්න ක්‍රමේ තමයි ප්‍රගුන කරලා තියෙන්නේ.හොඳින් කතා කරලා වැරදි පෙන්නලා දීලා ෂේප් එකේ වැඩේ ගන්න ක්‍රමේ ගොඩක් අය දන්නේ නෑ.

ගමේ පන්සලක හාමුදුරු කෙනෙක් ගම්මු.මිනිස්සුන්ට බැනලා තරවටු කරලා පන්සලට ගෙන්නා ගන්න තමයි හදන්නේ. මනුස්සයෙක් මැරුනාම එයා පන්සලට ආවේ නෑ කිය කිය බන කියන ස්වාමීන් වහන්සේලා මම දැකලා තියෙනවා.

අනේ මන්දා කවදා හරි යයිද කියලා

 

මෙලෝ රහක් නෑ

ඒ තමයි අපේ සගයෙක් ලඟදි කෙනෙක්ව හඳුන්වන්න දුන්න intoduction එක. මට ඉතින් හිනාත් ගියා. මොකද මම කියපු කෙනාගෙත් කියවුන කෙනාගෙත් දෙන්නාගෙම හැටි දන්න නිසා.

කියපු කෙනා හැම දෙයක් ගැනම ඉතාම අවධානයෙන් ඉන්න ලේසියෙන් කාටවත් නැමෙන්නේ නැති කෙනෙක්. එහෙම කියපුවාම නරකට හිතන්න එපා. එයා එයාගේ වැඩේ හරියට කරනවා. කතා කරන්න ඕනේ තැන කතත් කරනවා. ගරු කරන්න ඕනේ කෙනාට ගරු කරනවා. ඕනේ කෙනෙකුට උදව් කරනවා. ඒ වගේම අනිත් අය වෙනුවෙන් කතා කරනවා. පෙනී හිටිනවා.ඒත් ගොඩක් වෙලාවට වැරදි කාරයා වෙන්නේ එයා. අපේ සමාජයේ හැටියක් නේ ඒක.

මොනවට හරි කතා කලොත් ඉවරයි.කතා කරන කෙනා තමයි වැරදි කාරයා.

අනිත් කෙනා කාටවත් කරදරයක් කරන්නේ නම් නෑ. ඒත් තමන්ගේ වැඩේ විතරයි.එයාට කට්ටිය කියන්නේ පතෝලෙ කියලා. ගුනේකුත් නෑ අගුනෙකුත් නෑ ඒකලු පතෝලෙ කියන්නේ.

ඒ අතින් බලපුවාම දෙන්නාම හොඳයි.

ඒත් මම නම් කැමති පන තියෙන පළවෙනි type එකේ කට්ටියට. මනුස්සයෙක් වුනාම ජීවත් වෙන බව දැනෙන්න ඕනේ.ඔහේ ඉන්නන් වාලේ හිටියට වැඩක් නෑ. ඒ ඉතින් මට හිතෙන හැටි. ඔහේ බුම්මාගෙන ගතකරන ජීවිතේකට මම කැමති නෑ.

මම හිතන හැටි වැරදිද මන්දා.

 

ඔක්කෝම මිස්ලා

මේ topic එක නම් සමහර අයට දිරවන්නේ නැතිවෙයි. ඒත් කියන්නම ඕනේ කියලා හිතුවා.

අද අපේ රටේ අලුත්ම trend එක තමයි miss.නිකමටobserve කරලා බලන්නකෝ කඩේකට office එකකට ඕනේ තැනකට ගියාම miss කියලා තමයි ආමන්ත්ර නය කරන්නේ. වැඩියේ ඕනේ නෑ hospital එකකට ගිහිල්ලා බලන්න. Lady Doctorsලටත් miss කියලා තමයි කතා කරන්නේ.
ආ ඒකට කමක් නෑ කියමුකෝ. පිටරට වලත් ඔක්කෝටම මිස් කියලනේ කතා කරන්නේ.
ඒකේ හිනාම යන වැඩේ ඒක නෙමෙයි. ඇත්තටම නම් හිනා වෙන්න නෙමෙයි අඬන්නයි ඕනේ.
කාන්තාවකට මිස් කියලා කතා කරනවානම් පිරිමි එක්කෙනෙකුට කතා කරන්න ඕනේ පොතේ විදියට mister කියලනේ.
ඒත් කවුරුවත් එහෙම කතා කරන පාටක් පේන්නේ නෑ. උදාහරනයක් විදියට අපේ බොසීගේ Job title එකම තියෙන එයාට වඩා junior බොසෙක් අපේ working place එකේ ඉන්නවා.
ඇත්තම කියන්න ඕනේ බොසී අපට බවුන්සර් දැම්මට අහිංසක මිනිස්සු වැඩක් කරගන්න ආපුවාම හරියට උදව් කරනවා. සමහර අයට බස් ගාස්තුත් දෙනවා මම දැකලා තියෙනවා.
අර මම කලින් කියපු බොසා ඒකෙ අනිත් පැත්ත. අයිස් කන්දක් වගේ. මිනිස්සු රස්තියාදු වෙනවා කියලා කිසිම ගානක් නෑ. සමහර වෙලාවට එයාගේ අත්සන ගන්න කෙනෙකුට හතරපස් සැරයක් එන්නත් වෙනවා.

ඔන්න ඉතින් මම මාතෘකාවෙන් පොඩ්ඩක් deviate වුනානේ. ඉතින් මිනිස්සු ආපුවාම බොසී කොච්චර උදව් කලත් මිස් කියලා කතා කරලා යනවා. ඒත් බොසා ළඟට යන්නේ දෙකට නැවීගෙන. ගිහිල්ලා බොහොම ගෞරව කරලා කතා කරන්නේ sir කියලා එහෙම නැත්තම් මහත්තයා කියලා.

අරයා මිස් නම් මෙයා mister වෙන්න එපායැ. එහෙම නැත්තම් bossi නෝනා වෙන්න එපායැ.

ඔය රෙදි කඩවල වැඩට ඉන්න ගෑනු ළමයින්ටත් මිනිස්සු කතා කරන්නේ මිස් කියලා.ඒ වුනාට ඒවයේ ඉන්න පිරිමි ළමයින්ට sir කවුරුවත් කියලා කතා කරනවනම් මම තාම දැකලා නෑ.

මේක කොහෙන් කොහොම පටන් අරගෙනද දන්නේ නෑ. ඉස්කෝලයක් අරගෙන බලන්න ඉන්නේ මිස්ලයි සර්ලයි.
Hospital වල තරමක් වෙනස්. ඒවයේ ඉන්නේ doctorsලයි. මිස්ලයි. ගොඩක් මිනිස්සු ගෑනු කෙනෙකුට doctor කියලා කතාකරන්න කැමති නෑ. Male doctor ළඟට මහත්තයෝ එහෙම නැත්තම් sir කියාගෙන ගිහිල්ලා Lady doctor ට කියන්නේ miss කියලා.
Nurses කියලත් නෑ. Male nurseට විතරයි හරි මහත්තයා හරි sir හරි වෙන්න පුලුවන්.
ඉන්න ගමන් හිතලා බලන්න. මේක හරිද කියලා.

 

Why men don’t listen and women can’t read maps

මේක මම ළඟදි කියවපු පොතක්. පොතේ නමේ තියෙන දේවල්ම තමයි පොතේ තියෙන්නෙත්.නෝනලා මහත්තයලගේ වෙනස්කම් තමයි.මම නම් ඉතින් කාන්තාවන්ගේ දක්ෂකම් ගැන මහ ඉහලින් තර්ක කරන කෙනෙක්.

පිරිමි අයට කරන්න පුලුවන් ඕනේ රස්සාවක් අපටත් කරන්න පුලුවනි කියන්න ගිහිල්ලා දවසක් අපි කට්ටියම වැඩ නවත්තලා රන්ඩු කලා.

මේ පොත ගැන කතාව ආවෙත් පිරිමි ගැහැනු වෙනස්කම් ගැන කතා කරන්න ගිහිල්ලා.

අපේ වැඩ කරන තැන පොඩි පොඩි වැඩ කරන්න දෙන්නෙක් ඉන්නවා. ගෑනු එක්කෙනයි පිරිමි එක්කෙනයි.

පොඩි පොඩි වැඩ කියන්නේ අපි දෙන ලියුම් කියුම් එහාට මෙහාට ගෙනියන වැඩ, අපේ බොසීගෙයි අපියි අතරේ පනිවිඩ ගෙනියන ඒවා, තේ හදන වැඩ, අපෙන් වැඩ කරගන්න එන අය පිලිවෙලට වාඩි කරවන ඒවා, ඒ අය අපි ළඟට යොමු කරන ඒවා, phone එකට answer කරන ඒවා වගේ කෝටියක් වැඩ තියෙනවා.

අපි ඉන්නවා දහයක් විතර. අපි දහදෙනාම කියන වැඩ කරන්නේ මේ දෙන්නා තමයි. ඉතින් හිතාගන්න පුලුවනි නේ. කැඳ හැළිය වගේ තමයි.

අපි දවසක් කතා කලේ ගෑනු ළමයට ඒ කියන්නේ චමිලාට වැඩ දහයක් පහලොවක් එකට කිව්වත් ඒ ඔක්කෝම මතක තියාගෙන පිලිවෙලට කරනවා. ඒවගේම එයාට එක සැරේ වැඩ දෙක තුනක් කරන්නත් පුලුවනි.ඒත් මංජුල නම් අනිත් පැත්ත. එක සැරේට එක වැඩයි. මොකක් හරි හොයන්න කිව්වත් මංජුලට අතළඟ තියෙන එක පේන්නේ නෑ.

ඉතින් ඕක ගැන කතාකරන්න ගිහිල්ලා තමයි මේ පොත ගැන කවුරු හරි කිව්වේ. එයාට කියන්න ඕනේ වුනේ චමිලාට ඒ talent එක ඇවිල්ලා තියෙන්නේ එයා ගෑනු කෙනෙක් නිසා මිසක් විශේෂ දක්ෂතාවයක් නිසා නෙමෙයි කියන්න.

මොනවා වුනත් පොත ටිකක් කල් යනකම්ම අපේ උප ප්‍රධාන මාතෘකාව. ප්‍රධාන එක ඉතින් ආයේ කියන්න දෙයක් නෑනෙ. බොසී තමයි අංක එක හැම වෙලේම.

පොතේ තියෙන සමහර දේවල් කියෙව්වාම හිනාත් යනවා. මටත් තියෙන ප්‍රශ්නයක් තමයි පාරක් හොයාගන්න එක. මම ඉතින් ගොඩක් වෙලාවට පාරවල් මතක තියාගන්නේ එක්කෝ board එකක් නැත්නම් building එකක් මතක තියාගෙන. ඒත් ගොඩක් පිරිමි අය මම දැකලා තියෙනවා පාරවල් හොයාගන්න expertලා. අපි කොයි පැත්තටද කියලා හිතාගන්න බැරුව ඉන්න කොට මේ පැත්තේ වෙන්න ඇති කියලා කඩාගෙන යනවා.සමහර වෙලාවට කලින් ගිහිල්ලත් නෑ. පොතේ තියෙන විදියට කාන්තා පක්ෂයට map එකක් තිබ්බත් පාරවල් හොයාගන්න අමාරුයි.

අපොයි car නැවැත්තිල්ල ගැනත් ඇත්තම කතා ගොඩක් තිබුනා. අපිට හරි අමාරුයිනේ පොඩි ඉඩක park කරගන්න.

ඉතින් පොතෙන් වාසි වෙන වෙලාවලුත් තියෙනවා.” ඔහේ park කරලා ඇවිල්ලා කාටවත් අයේ දාන්න ඉඩක් නෑ අපරාදෙ දෙන්නෙකුට දාන්න තියෙන ඉඩ” කියලාකියලා කවුරු හරි කෙඳිරි ගාගෙන ආවොත් දැන් අපි කෙලින්ම කියන්නේ ඒක අපේ වැරැද්දක් නෙමෙයි ජාන වලින්ම ආපු වෙනස් කරන්න බැරි දෙයක් කියලා.

 
Leave a comment

Posted by on 2011 අප්‍රේල් 26 in වර්ගීකරණය නොකළ

 

බොස්ලා

ඔන්න අපේ බොසීට ආයෙ ලෙඩක් හැදිලා. සැකය. සැකය කියන්නේ මම දැකලා තියෙන බොස්ලා ගොඩකට තියෙන අසනීපයක්.තමන් නැති වෙලාවට අනිත් අය පනිනවද නිදාගන්නවද මොනවා කරනවද කියන සැකය ගොඩක් අයට තියෙනවා. ඉතින් අපේ බොසී කරන්නේ මම හෙට එන්නේ නෑ කියලා මෙන්න උදේ පාන්දරම එනවා. අපිත් ඉතින් අද බොසී නෑනෙ කියලා වැනි වැනී ගිහිල්ලා බලද්දී අපටත් කලින් එයා ඇවිල්ලා.

මම නම් හිතන්නේ ගොඩක් බොස්ලාට පොතේ දැනුම තිබ්බාට මිනිස්සු එක්ක වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන දැනීමක් නෑ.පොඩි ළමයින්ට වගේ නීති දාගෙන හිරකරගෙන මිනිස්සුන්ගෙන් වැඩ ගන්න බැරි බව එයාලට තේරුම් ගන්න බෑ.

මනුස්සයාටත් නොදැනෙන්න වැඩේ ගන්න එක තමයි බොසෙකුගේ තියෙන්න ඕනේ  talent එක. මට හිතෙන්නේ ගොඩක් බොස්ලා ඉන්නේ මහා මානසික ආතතියකින්. ඒක බොහෝ වෙලාවට තමන්ම හදා ගත්ත එකක්. හැබැයි ඒකෙන් ඇතිවෙන්නේ භයානක ප්‍රතිපල.සමහර වෙලාවට හොඳින් වැඩ කරන කෙනෙක් වුනත් නිතර නිතර අනවශ්‍ය විදියට ඇඟිලි ගහනකොට කලකිරෙන්න පුලුවනි.

මගේ අනිත් observation එකක් තමයි වැඩ නොකරන කෙනා වැඩක් කරන්නෙත් නෑ, ඒ වුනාට ප්‍රශ්නත් අඩුයි. බොස්ලා මොනවත් කියන්නෙත් නෑ. ඒකත් එක්තරා විදියක talent එකක් මට හිතෙන විදියට.

මට බොස්ලාගේ ක්‍රියා කලාප ගැන කියන්න තියෙන විස්තර කියන්න වෙනම පොතක් කරන්න වෙනවා. එක බොසෙක් දවසක් එයා එනකොට නැගිට්ටේ නෑ කියලා clerk කෙනෙක් අයින් කලා. තවත් අය මම දැකලා තියෙනවා තමන් යටතේ ඉන්න අය exam එකක් හරි වැඩි දුර ඉගෙනීමක් හරි කරන්න යනවනම් ඒවට හරස් කපන. ඒක කරන්නේ ගොඩක් වෙලාවට වැඩ පටෝලා. එහෙම නැත්තම් නිවාඩු cancel කරලා.

ගොඩක් රජයේ ආයතන වල බොස්ලා හිතාගෙන ඉන්නේ රජයෙන් පඩි ගන්නේ තමන් යටතේ ඉන්න අය විතරයි කියලා. තමනුත් පඩි ගන්නේ රජයෙන් කියන එක එයාලට ටිකක් කල් යද්දී අමතක වෙනවා. පිටට දෙවිවරු වගේ ඉන්න සමහර බොස්ලා වැඩ කරන තැන පාලනය කරන්නේ යක්කු වගේ.මගේ opinion එකනම් මනුස්සයෙක් කොහොම කෙනෙක්ද කියලා හරියටම දැන ගන්න නම් එයා වැඩ කරන තැනින් අහන්න ඕනේ. මොකද කෙනෙක් වැඩිපුරම වෙලාවක් ගතකරන්නේ එතන නිසා.

අපේ working place එකේ ඉතින් බොස්ලා සම්බන්ධයෙන් හරි හරි කතා තියෙනවා. ඒවගේම තමයි එයාලට දාන nick names.ඒවට නම් මෙහේ තරම් expertලා කොහේවත් නැතුව ඇති. අපේ එක්කෙනෙක් ඉන්නවා බොසා මොනවා කිව්වත් කන් පාත් කරගෙන අහගෙන ඉන්නවා. ආපහු අපේ room එකට ඇවිත් “අනේ ……………බං කරුණෙ, නිකම් හිටපන් විහිලු නොකර” කියනවා. එයාට බොස්ලා ගැන තියෙන්නේ අමුතුම comments. උදාහරනයක් විදියට එයාට අනුව යම් බොසෙක් එච්චර උස මහත නැත්තම් ඒ කියන්නේ එච්චර පෙනුමක් නැත්තම් එතුමා වසවර්තියෙක් වෙන්න තියෙන හැකියාව වැඩියි. ඒකට හේතුව එයාට අනුව ඒ බොස්ලාගේ තමන්ගේ figure එක ගැන තියෙන හීනමානය යවන්නේ අනිත් මිනිස්සු පිටින් නිසා.

මම ඉතින් මෙහෙම කිව්වට හොඳ බොස්ලා ඔනේ තරම් ඉන්නවා. ඒත් ඉතින් කතා කරන්නවත් දෙයක් තියෙන්නේ කලින් කිව්ව අය වගේ අය නිසානේ.

 
Leave a comment

Posted by on 2011 අප්‍රේල් 24 in වර්ගීකරණය නොකළ

 

ගුරුවරු

අපිට ජීවිතේ එක එක ජාතියේ ගුරුවරු මුන ගැහෙනවා. චෝක් කෑල්ලක් අරන් ඉගැන්නුවේ නැතුවට  ගුරු චරිතේ වරින් වර එක එක විදියට රඟපාන්නත් වෙනවා.

මෙතෙක් කල් මට හම්බ වෙලා තියෙන ගුරුවරු ගැන හිතන කොට කීප දෙනෙක් ගැන විශේෂයෙන් මතක් වෙනවා.ඒ ඒ අය වචනයේ පරිසමාප්තියෙන්ම ගුරුවරු නිසා. බය නැතුව හොඳ ගුරුතුමෙක් තුමියක් කියලා කියන්න පුලුවන් අය. ඉස්කෝලෙ විතරක් නෙමෙයි එහෙම අය ටියුෂන් පන්ති වලත් මුනගැහිලා තියෙනවා.

අය කරන සල්ලි ගානටත් වඩා උගන්නන ළමයි දුන්නොත් විතරක් සල්ලි ගන්න අයත් මට මුනගැහිලා තියෙනවා. ( එහෙම අය දැන් නැද්ද මන්දා) දැන් ආ පස්සට හිතලා බලනකොට සමහර ගුරුවරු ගැන පුදුමත් හිතෙනවා. මට මතකයි අපි ඕ ලෙවල් කාලෙ ටියුෂන් ගිය ගණන්sir. Sir කවදාවත් පන්තියට card issue කලේ නෑ.Class  එක ඉවර වෙලා cigarette එකක් පත්තු කරගෙන පුටුවෙ වාඩි වෙලා ඉන්නවා. කැමති අය සල්ලි දීලා යනවා. ඒ වගේම sirඉගැන්නුවේ maths විතරක් නෙමෙයි. ජීවිතේ ගැනත් ඉගැන්නුවා.

ඒ වගේම නපුරු, ළමයි ගැන කිසිම අනුකම්පාවක් නැති අයත් ඕනෙ තරම් හම්බ වෙලා තියෙනවා. මට මතක් වෙන්නේ ඉස්කෝලේ lady teacher කෙනෙක්. එයාට කවදාවත් ළමයිව තේරුම් ගන්න බැරිවුනා. හැම වෙලේම කාට හරි බනින එක තමයි කරන්නේ. ඒ ළමයා මහා කට්ටයි. ඔක්කෝමලා රවට්ටන්න හදනවා. වගේ දේවල් තමයි කටේ තියෙන්නේ. ළමයි කට්ටකම් කරන්නේ මොකක් හරි හේතුවකට කියන එක තේරුම් ගන්නවත්, ළමයින්ගේ දඟ කාරකම් වයසේ වැරැද්ද නිසා වෙන දේවල් කියලා තේරුම් ගන්නවත් කොටින්ම  කොටින්ම ළමයිගේ මානසිකත්වය තේරුම් ගන්න හැකියාවක් එයාට තිබුනේ නෑ.

මට මතකයි අපි දවසක් මොකක් හරි meetingඑකකට teacher කෙනෙකුටinvite කරන්න ගියා. ඒ වෙලේ බුම්මගෙන හිටිය ඒ ගුරුතුමිය ඒකට ඇවිල්ලා කිව්වේ අපි invite කරපු විදිය හරිම කැතයි. එයා ආවේ එයාගේ තියෙන හොඳකමටයි කියලා. මට ඉතින් පස්සේ හිතුනේ අපි ඒක කියපු විදිය වැරදි නම් ඇයි ඒක නිවැරදි කරන්නේ නැතුව තැන් තැන් වල කියන්නේ කියලා. ළමයි ගොඩක් දෙනෙක් යමක් හොඳින් කිව්වාම ඒක පිළිගන්නවා. ගුරුවරු මේ විදියට ළමයින්ට punish  කරන්න යොදා ගන්න වැරදි ක්‍රම ළමයින්ට ගොඩාක් මානසිකව බලපානවා.

ගුරුවරුන්ට ඇත්තටම ගොඩක් දේවල් කරන්න්න පුලුවන්. ගුරුවරුන්ට ළමයිව හදන්න වගේම නාස්ති කරන්නත් පුලුවනි. ඒත් ගොඩක් ගුරුවරු තමන්ට තියෙන ඒ හැකියාව තේරුම් ගන්නේ නෑ.ගොඩක් අය ළමයින්ගේ ගෞරවය ගන්න හදන්නේ බලෙන් එහෙම නැත්තම් බය කරලා.

මම නම් හිතන්නේ ගුරුවරු වුනාම උගත්කම විෂය දැනුම වගේම ළමයි එක්ක වැඩ කරන්නේ කොහොමද, ළමයින්ගේ මානසිකත්වය තේරුම් ගන්නේ කොහොමද වගේ කරුනු ගැනත් අවබෝධයක් තියෙන්න ඕනේ. මගේ ජීවිතේ හරි මඟට ගත්තේ මේ teacher තමයි කියලා අහන එක තරම් වෙන සතුටක් හොඳ ගුරුවරයෙකුට තවත් නැති බවයි මට නම් හිතෙන්නේ.

 
Leave a comment

Posted by on 2011 අප්‍රේල් 23 in වර්ගීකරණය නොකළ

 

මිනිස්සු

අපිට කෙනෙක් දැක්කාම ආකර්ශනයක් ඇති වෙන්නේ කොහොමද?සමහර අය දැකපු ගමන්ම එපා වෙනවා. ඒ වුනත් ටිකක් කල් යනකොට තේරෙනවා හොඳයි කියලා.

අපිට කෙනෙකුට ආකර්ශනයක් එහෙම නැත්නම් කැමැත්තක් ඇති  වෙන්නේ කොහොමද?සමහර අය දැකපු ගමන්ම එපා වෙනවා. ඒ වුනත් ටිකක් කල් යනකොට තේරෙනවා හොඳයි කියලා. සමහර අය ටිකක් කල් යනකොට එපා වෙනවා. ආයේ කවදාවත් හම්බ වෙන්නේ නැත්නම් හොඳයි කියලා හිතෙනවා.

තවත් සමහර අය යන්න හදන කොට හරිම දුකයි.

ඉඳ හිටලා අපිට හම්බ වෙනවා දෙවි වරු වගේ මිනිස්සු.ගොඩක් වෙලාවට එහෙම අයගේ වටිනාකම පේන්නේ කලින් මොනවාහරි හිත් අමාරු වලට මුහුන දුන්න අයට.

මේක ලියවුනේ අපේ වැඩ කරන තැන මම කැමතිම දෙන්නෙක් මාරුවීම් අරගෙන යන්න හදන නිසා. ගොඩාක් වෙලාවට අලුතින්ම රස්සාවකට ගියාම survive වෙන්න හරිම අමාරුයි. විශේෂයෙන්ම රජයේ ආයතන වල. පහුවෙලා එන එක්කෙනාට qualifications වැඩිනම් තව කරදර වැඩියි.

මම කලින් වැඩ කරපු තැනත් ඒ වගේ.හරියට ප්‍රශ්න. හැම වෙලේම රන්ඩු. ලොකු එක්කෙනා එහෙම නැත්නම් බලය තියෙන එක්කෙනා පහල අයව පාගලා දාන්නමයි හදන්නේ.

අපි ඉතින් ගිය ගමන්ම ඔය නීති රීති එච්චර දන්නේ නෑනෙ.අපි හිතනකොට එයාලා අපිව පටලවලා ඉවරයි. ගොඩාක් අය කතා කරන්නත් බයයි. එහෙම නැත්තනම් කතා කලොත් නම කැත වෙයි කියලා නිකම් ඉන්නවා.

ඕනෙ එකටයි එපා එකටයි බැනුම් අහගෙන පරන තැන හිටපු මට අලුත් තැනට ආපුවාම දැනුනේ නිවන් ගියා වගේ. මොකක් හරි පිනක් තිබුනා එහෙම අය ඉන්නවා කියලා දැනගන්නත්.

අලුත් තැන අය එක්ක ඉන්නකොට මට පරන අයගේ නපුරුකම් තව වැඩිවෙලා පේනවා.

ඒත් දැන් දෙන්නෙක්ම යන්න හදනවා. මොනවා කරන්නද? ජීවිතේ හැටිනේ. ඒ අයට නම් සමහර විට මාව එච්චර වැදගත් නැතුව ඇති. ඒත් එයාලගෙන් මට ලැබුනු සහනය එයාලවත් දන්නේ නැතුව ඇති. මුලු ලෝකෙම මිනිස්සු එකවගේ කියලා හිතා ගෙන හිටපු කාලෙක දෙවි වරු වගේ මිනිස්සුත් අපි අතරේ ඉන්නවා කියන එක මට අවබෝධ වුනේ එයාලා එක්ක හිටපු ටික කාලේ.

 
Leave a comment

Posted by on 2011 අප්‍රේල් 16 in වර්ගීකරණය නොකළ

 

ගරු කිරීම

අපේ රටේ මිනිස්සුන්ගේ හැසිරීම ගැන බලාගෙන හිටපු මගේ විදේශීය මිත්‍රයෙක් කිව්වේ ලංකාවේ මිනිස්සු අනිත් අයට කිසිම ගරු කිරීමක් නැහැ කියලා.එයා මෙහේ project එකකට ඇවිල්ලා අවුරුදු දෙක තුනක් ඉඳලා එකතු කර ගත්ත අත්දැකීම් වලින් තමයි එහෙම කිව්වේ.

අපි දෙන්නා ඕක ගැන ගොඩාක් කතා කලා. මම ඉතින් දන්න නොදන්න ඔක්කෝම තර්ක දැම්මා. අපි දෙමව්පියන්ට සලකන්නේ මෙහෙමයි. ගුරුවරුන්ට පන්සලට සලකන්නේ මෙහෙමයි කියලා. අපේ ආගමෙන් උගන්නන්නේ මෙහෙමයි කියලා.

ඒත් එයා පිළිගත්තෙම නෑ. එයා කියන එකෙත් යම් ප්‍රමාණෙකට ඇත්තක් තියෙන බව මටත් අන්තිමට පිළිගන්න වුනා. බණ කිය කියා අනිත් මිනිස්සු හදන්න යන අයට නම් මම කොහොමත්ම කැමති නෑ.ඒත් සුද්දා කියපු දේවල් නම්  ආයෙත්හිතලා බලන්න වටිනවා.

ඇත්තටම සුද්දා කියපු දේවල් වලට අනුව මෙහේ ගොඩක් ප්‍රශ්න වලට හේතුව කවුරුත් කාටවත් ගරු කරන්නේ නැති එක. ගරු කරනවා කියන එකෙන් සුද්දා අදහස් කලේ රස්සාවටවත්, ඇඳුමටවත් සල්ලි වලටවත් සලකනවා කියන එක නෙමෙයි. මනුස්සයෙක් විදියට පුද්ගලයෙකුට සලකන එකටයි.

උදාහරණයක් විදියට බස් එකක කොන්දොස්තර කෙනෙක් මිනිස්සුන්ට කතා කරන්නේ සත්තුන්ට වගේ.බස් එක නවත්තන්න කලින් එලියට ඇදලා දානවා. එහෙම නැත්තම් බාගෙට නගින කොට බෙල් එක ගහනවා.

Office එකකට වැඩක් කර ගන්න ගියාමත් එහෙමයි. තමන් ඉස්සරහා කෙනෙක් ඉන්න බව දැනගෙනම අහක බලාගෙන වෙන වැඩක්.

වාහන එළවන්නේ හෝන් එකෙන්. කොහොමහරි අනිත් එක්කෙනාව පහු කරන්න බලන්නේ. ඉස්සර කරන්න බැරි තැන් වලත් හෝන් ගහ ගහ අනිත් මනුස්සයාට වද දෙනවා.

Three wheeler ඔක්කෝටම එහා. එහෙන් මෙහෙන් යන්නේ මනුස්සයෝ ගැන කිසිම හැඟීමක් නැතුව.

එහෙම බැලුවොත් ඒ කතාවේ ලොකු ඇත්තක් තියෙනවා. මනුස්සයෙකුට සලකන හැටි දන්නවා නම් කවදාවත් කොන්දොස්තර කෙනෙක් අතින් තල්ලු කර කර මිනිස්සුන්ට වද දෙන්නේ නෑ.

වැඩේ තියෙන්නේ කාටවත්ම මේවා හදන්න වුවමනාවක් නැති එකයි.ඔහේ යන්න ඇරලා බලන් ඉන්න හැමෝම පුරුදු වෙලා.අනිත් අතට ඔය කොන්දොස්තරලාගෙන් three wheel driverලගෙන් කුණුහරප අහගන්න තියෙන අකමැත්ත. මොනවහරි වැරැද්දක් පෙන්නලා දුන්නාම පිලිගන්නත් මොළයක් තියෙන්න එපායැ. ඇත්තටම ඉස්කෝල වල උගන්නනේ මොනවද කියලා හිතෙනවා පාරට බැස්සාම.

කාගෙද වැරැද්ද? මම හිතන්නේ ඔක්කෝම මිනිස්සු එහෙම වෙන්න ඔනේ. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම හිතට අමාරුවකුත් නැහැ. තමනුත් කරන්නේ එහෙමනේ.ඒක තමයි මේකට තියෙන විසඳුම.

මට දුක සුද්දෙකුගෙන් මේක අහගන්න වුනු එක.

 
Leave a comment

Posted by on 2011 අප්‍රේල් 9 in වර්ගීකරණය නොකළ

 

ගමෙන් ලියුමක් ඇවිල්ලා

මට මතක් වෙන්නේ ඒ දවස් වල අපි ලියුමක් එනකම් බලාගෙන හිටපු හැටි.තවමත් ඒ ලියුම් ගොඩ ගහගෙන ඉන්නේ ඒවත් එක්ක බැඳිලා තියෙන අමතක කරන්න බැරි මතක නිසා.

ලියුමක් එනකම් බලාගෙන ඉඳලා ඒක අතට අරගෙන පරිස්සමට කඩලා කියවන්න  ගන්න කොට තරම් සතුටක් emailඑකක් කියවලා ලැබෙනවද කියල ඇහුවොත් එක එක්කෙනාට එක එක විදියේ උත්තර තියේවි. ඒ වගේම ලියුම් එක්ක බැඳුනු මිහිරි අමිහිරි මතකත් ඇති ගොඩක් අයට.

ලියුමක් ආවාම ඒක අනිත් අයගේ දර්ශනයට හසු නොවිය යුතු නම් පරිස්සම් කරගන්නත් වෙනම effort එකක් දාන්න වෙනවා. අපි ඒ දවස් වල වෙනම alphabetඑකක් හදාගෙන තිබුනා ලියුම් ලියන්නත්. ඒක ලංකාවෙ බ්‍රාහ්මී අක්ෂර වලින් හදා ගත්ත එකක්. කාටවත්ම කියවන්න බෑ.

ඒ වගේම අපි හරි පෙරේතයි මුද්දර වලට ඒ දවස් වල.තැපැල් මාමාගෙන් අනිත් අයට තියෙන ලියුම් වලත් මුද්දර ඉල්ලලා කරදර කරනවා මට මතකයි. ඒවා ගලවලා දුන්නොත් එයාගෙ රස්සාව ඉවරයි කියන එක අපිට තේරුනේ ගොඩාක් කල් ගිහිල්ලා.

තවත් පිස්සුවක් තමයි pen palලාට ලියන එක. එයාලා ලියුමක් එව්වාම ඒක ඇති අවුරුදු ගානකට. හැමෝටම පෙන්නනවා හරිම ආඩම්බරෙන්. ඒත් එක්ක එන මුද්දර ටිකත් ගලවලා හරි පරිස්සමට මුද්දර පොතේ අලව ගන්නවා.

‘ මම ලඟ ජර්මනියේ මුද්දරයක් තියෙනවා’ කියන්නේ හරිම ආඩම්බරයෙන්.දැන් නම් ගොඩක් වෙලාවට තැපෑලෙන් එන්නේ බිල් ගොඩ්ක් එහෙමත් නැත්තම් කලාතුරකින් wedding invitation එකක්.

එක අතකට බලනකොට ඔය ලියුම් ගොඩ ගහගෙන දූවිලි ගොඩවල් හදාගන්නවට වඩා දැන් ක්‍රමේ හොඳයි කියලත් හිතෙනවා. මොකද කවුරුත් අදියි කියලා බයවෙන්නද?pass word එකක් දාගන්න විතරනේ තියෙන්නේ. ඇත්තම කියනවා නම් දැන් ලියුමක් ආවාම ඉස්සර තරම් සතුටකුත් නෑ. මොකද මන්දා. සමහර වෙලාවට communicate කරන්න තියෙන ක්‍රම වැඩි නිසා වෙන්න ඇති.

 
Leave a comment

Posted by on 2011 අප්‍රේල් 8 in වර්ගීකරණය නොකළ

 

කොච්චර වෙනස් වෙලාද?

අපි දවසින් දවස වයසට යනවා.ඒත් එක්කම හිතන පතන හැටි, අඳින පළඳින හැටි , බලාපොරොත්තු ඔක්කෝම වෙනස් වෙනවා.පුංචි කාලේ සමහර දේවල් ගැන හිතපු හැටි මතක් වෙන කොට දැන් නම් හිනාත් යනවා. ඒත් හෙමිහිට කල්පනා කරලා බලනකොට ඒ කාලේ මොනතරම් සුන්දර මතක වලින් පිරිලා තියෙනවද?

අපි පුංචිම කාලේ හිටියේ හරිම ලස්සන දුෂ්කර ගමක.දුෂ්කර වෙන්න වෙන්නනේ ගමක් ලස්සන වෙන්නේ. දැන් තමයි ඒක ලස්සනට පේන්නේ. ඉස්සර නම් කෙඳිරි ගගා තමයි හිටියේ.ඒ දවස් වල අපි කල්පනා කලේ වෙනස්ම විදියට.

අපි ටවුන් එකට තමයි ආදරේ කලේ. ඉඳලා හිටලා ටවුන් ගිහින් එහේ තියෙන එක එක ජාතියේ කඩ වලට යන්න,ගමේ අයට වඩා ලස්සනට අරුමෝසම් කරගෙන යන අයව බලන්න අපි හිටියේ ගොඩාක් ආසාවෙන්, එහෙම දවසක් එනකම් ඇඟිලි ගැන ගැන. අපි හිතුවේ ටවුන් එකේ තමයි ඔක්කෝම සැප සම්පත් තියෙන්නේ කියලා.

ඊටත් කාලෙකට පස්සේ තමයි අපි අග නගරෙට එන්නේ ඉගෙන ගන්නයි රස්සාවටයි දෙකටම.එතනින් පස්සේ ගමේ යන්න වුනේ ඉස්සර ටවුන් ගියා වගේ තමයි, කාලෙකට පස්සේ.

පොඩි කාලේ අපිට ලොකුවට පෙනුනු ටවුම දැන් පේන්නේ පොඩියට.මට හොඳට මතකයි ටවුන් එකේ ඒ දවස් වල fancy බඩු කඩයක් තිබුනා, එක එක ජාතියේ අරුමෝසම් බඩු පිරිලා.මට ඒ දවස් වල හිතුනේ ඒකෙ නැති දේයක් නෑනේ කියලා.

පස්සෙ කාලෙක හදිස්සියේ ඒකට යන්න වුනාම මට පුදුම හිතුනා. මට කඩේ පෙනුනේ ඇත්තටම ගොඩාක් පොඩියට. බඩු ටිකක් තියෙන පොඩිකඩයක්.පුංචි කාලේ ඒක කොච්චර ගාම්භීර විදියට ලොකුවට පෙනුනද කියලා මතක් වෙලා පොඩි දුකකුත් දැනුනා.

තවත් කාලෙකට පස්සේ රට රට වල යන්න ලැබෙනකොට කොළඹ තියෙන ගොඩනැඟිලි, පාරවල් වලට වඩා කොච්චර ලොකු ගොඩනැඟිලි, පාරවල් තියෙනවද කියලා පුදුම හිතුනා.

ඒ වගේම තමයි අපේ බලාපොරොත්තුත්. ඒ කාලේ තිබුනු බලාපොරොත්තු වලට වඩා ගොඩාක් සංකීර්ණයි.ළඟා කරගන්න අමාරුයි. ඇත්තටම ගමට වෙලාම ඉන්න තිබුනම් හොඳයිද කියන එක මම සමහර වෙලාවට කල්පනා කරනවා. එහෙම වුනා නම් මම මේ වෙනකොට මොනව කරනවා ඇතිද?

ඒත් හැමදාම මට හිතෙන්නේ මම දැන් තමයි සතුටින්ම ඉන්නේ කියලා.ගම කොච්චර සුන්දර වුනත් ආපහු ගමේ ගිහින් ජීවිතේ ආයෙත් පටන් ගන්න බැරි නිසාත් මෙහේ තියෙන කලබල කාරි බවෙත් සුන්දර බවක් දකින්න දැන් පුරුදු වෙලා නිසාත් ටවුමෙම ඉන්න දැන් හිත හදාගෙන ඉවරයි.

ඒත් සමහර වෙලා වට අපේ පුංචි කාලේ ගැන , ගම ගැන හිතට එන සිතුවිලි වල අතරමං වෙලා විනාඩියක් දෙකක් පැනලා යන්නේ මටත් නොදැනීම.

 
Leave a comment

Posted by on 2011 මාර්තු 31 in වර්ගීකරණය නොකළ

 
 
Follow

Get every new post delivered to your Inbox.