අපේ රට තරම් අනිත් මිනිස්සුන්ට බනින රටක් කොහේවත් නැතුව ඇති. හොඳට කල්පනා කරලා බලන්න අපි දවසකට කීදෙනෙකුගෙන් බැනුම් අහනවද කියලා. ඔන්න උදේ නැගිටලා බස් එකට නැග්ග වෙලේ ඉඳලා කොන්දොස්තරගෙන් බැනුම්. ඇත්තටම පුදුම හිතෙනවා. මිනිස්සු මේ කොන්දොස්තරලා කියන කතා කොහොම ඉවසනවද කියලා. ඉතුරු සල්ලි ඉල්ලුවා කියලා මට කුනුහරපෙන් බැනපු කොන්දොස්තරලාත් මට හම්බ වෙලා තියෙනවා. පව් ඉතින් බස් වල බඩ ගාන්නෙත් වැඩිපුර තමන්ගේ පැලැන්තියේ අය කියලා එයාලට තේරෙන්නේ නැතුව ඇති.
වැඩක් කරගන්න ගියොත් ඒ තැන්වල අයගේ ගෑස් බලලා පන යනවා. ගොඩක් අය හදන්නේ වැඩේ නොකර ඉන්න.
ඔක්කෝටම වැඩියේ කට්ටිය බැනුම් අහන්නේ පොලිසියේ අයගෙන්.ඇත්තටම අපේ පොලිසිය එන්න එන්නම පහලට තමයි යන්නේ. කතා කරන්න නම් වෙනම උගන්නන්න වෙයි. එයාලා නීතිය කරන හැටි ඇත්තටම පුදුමයි. මගේ වාහනේ ත්‍රී වීල් එකක් වමෙන් ඉස්සර කරන්න ගිහිල්ලා හැප්පුවා. පොලිසියේ හැසිරීම හරිම නින්දිතයි. ත්‍රී වීල් කාරයගේ කරෙත් අත දාගෙන තමයි හිටියේ.පොලිසිය ඇතුලෙත්.
අපේ ගොඩක් හාම්පුතාලත් සේවකයන්ගෙන් බැනලා වැඩ ගන්න ක්‍රමේ තමයි ප්‍රගුන කරලා තියෙන්නේ.හොඳින් කතා කරලා වැරදි පෙන්නලා දීලා ෂේප් එකේ වැඩේ ගන්න ක්‍රමේ ගොඩක් අය දන්නේ නෑ.
ගමේ පන්සලක හාමුදුරු කෙනෙක් ගම්මු.මිනිස්සුන්ට බැනලා තරවටු කරලා පන්සලට ගෙන්නා ගන්න තමයි හදන්නේ. මනුස්සයෙක් මැරුනාම එයා පන්සලට ආවේ නෑ කිය කිය බන කියන ස්වාමීන් වහන්සේලා මම දැකලා තියෙනවා.
අනේ මන්දා කවදා හරි යයිද කියලා

