RSS

Job matuarity

15 මාර්තු

අපි ඔක්කෝගෙම වගේ අන්තිම aim එක අපි ආස කරන job එකක් කරන එකනේ.

ගොඩක් කට්ටිය කරන්නේ වෙන එකක් කරන ගමන් ආස කරන එක හොයන එක. නැත්තම් ඒක ගැන හීන මවන එක. කොහොමින් කොහොම හරි එකක් කරන්න වෙනවනේ.

ඉතින් හාපුරා කියලා අලුත් ජොබ් එකකට ගියාම අපි හරි උනන්දුයි වැඩට.ඕනෙ එකයි එපා එකයි ඔක්කෝම කරනවා. වෙලාවටත් කලින් යනවා. නිවාඩු ගන්නෙත් අඩුවෙන්. Boss ට against ව මොනවත්ම කියන්නේ නෑ.පුලුවන් නම් ලකුනක් දෙකක් දාගන්නවා.( මේ ඉතින් කියන්නේ හැමෝම ගැන නෙමේ හොඳේ. Majority ගැන).ඔය වගේ කෙනෙක් අලුතින් ආපුවාම එතන කලින් හිටපු අයට හරි jolly(ඒ කියන්නේ chroni set එකට) එයලා ඉතින් ලැබුනු අවස්ථාවෙන් එක අරගෙන එහෙන් මෙහෙන් මාරු වෙනවා.

අලුත් එක්කෙනාට එහෙන් මෙහෙන් බාල්දි දාන අයත් නැතුවම නෙමේ. අපිත් ඉතින් මාර උනන්දුවෙන් වැඩ.ඉඳලා හිටලා staff එකත් එක්ක රන්ඩුත් වෙනවා තියෙන උනන්දුවටම. Perfect වටම ඔක්කෝම කරන්න තමයි try කරන්නේ. පොඩ්ඩක් ඇත්නම් හිතත් රිදෙනවා.කඳුලුත් එනවා.

ඔහොම ඉතින් ටිකක් කල් යනකොට අපිටත් තේරෙනවා මේක කොහොමද කරන්නේ කියලා. ඔන්න ටික ටික අපිත් chroni වෙන්න පටන් ගන්නවා.එතකොට තමයි තේරෙන්නේ මෙච්චර කල් දැඟලුවේ බොරුවට කියලා. අය්යෝ මේ ලේසියෙන් කරන්න පුලුවන් දේවල්නේ. යාන්තමට තිබුනාම මදැයි.බොරුවටනේ රන්ඩු වෙලා තියෙන්නේ. මේ අනුන්ගේ වැඩ වලට අපි රන්ඩු වුනාම හරියන්නේ නැහැනේ.උනන්දුව තියෙන අය කරගන්නේ නැතැයි. දැන්නම් ඉතින් ඕනෙ දෙයක් වුනත් කමක් නැති ගානට තමයි ඉන්නේ.

ඔන්න දැන් තමයි job matuarity  කියන එක ඇවිත් තියෙන්නේ. මම නම් ඉන්නේ ඔය stage එකේ දැන්. ලොකුම chroniයෙක් කියලනම් හිතාගන්න එපා.වැඩත් කරනවා.

Advertisements
 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

 
%d bloggers like this: