RSS

පසු සටහන

26 මාර්තු

මොනවහරි කන දෙයක් කඩෙන් ගත්තාම ඒක කටේ ඔබා ගන්නකම් මට තියෙන්නේ පුදුම හදිස්සියක්. සමහර වෙලාවට ඒක ගෙදර ගිහින් අල්ලන්නෙවත් නෑ. ඒ වුනාට ගත්ත ගමන් නම් කන්නම  ඕනේ. අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. මේක ගොඩක් අයට දිරවන්නේ නෑ.

“අපෝ මෙතන කන්න එපා” ” පාරේ කන්න එපා”

ඔය වගෙ responses තමයි ඒකට හම්බ වෙන්නේ.

මට ඉතින් මේක කරන්න ගිහින් එක එක අකරතැබ්බත් වෙනවා.එක්කෝ මිරිස් කරලක් හැපිලා යනකන්ම කඳුලු පෙර පෙර යන්න වෙනවා. Packet එකක තියෙන එකක් නම් හෙමිහිට මුල්ලක් හිල් කරන්න ගිහිල්ලා එකම ඉරිලා ඒක හැලිලා යනවා. එහෙම නැත්තම් වාහනේ හැලුවා කියලා එක එක කතා අහන්නත් වෙලා තියෙනවා. ඒත් ඉතින් මොකක් හරි ගත්ත ගමන්ම කන එකේ ආශ්වාදය දන්නේ මමනේ. ඒ හින්දා මට මගේ habit එක නතර  කරන අදහසකුත් නෑ. අනිත් එක තමයි මගේ shop preferences. ගොඩක් වෙලාවට පාර අයිනේ තියෙන පරිප්පු වඩේ. එහෙම නැත්තම් මුරුක්කු, බුන්දි වගේ දේවල් තමයි. ඇත්තම කියනව නම් මට නම් පාර අයිනේ තියෙන වඩේ තමයි posh කඩවල තියෙන ඒවට වඩා හොඳ.ඉතින් සමහර අයට මේක ලොකු issue එකක්. ලඟදි දවසක මම ගියා අපේ working place එකේ tea room එකට. එතන දෙන්නෙක් බර කතාවක්. මට මුල ටික නම් follow කර ගන්න බැරි වුනා. එක පාරටම එක්කෙනෙක් කිව්වා

” කඩෙන් ගෙදර ගෙනියන්න බනිසක් ගත්තත් යන ගමන් පොඩි කෑල්ලක් හරි කන්න ඕනේ” කියලා. මට තරු වීසි වුනා. මම හිතුවෙම ඒක කිව්වෙ මට කියලා. බලනකොට ඒක එයාලගේ කතාවක්. බලාගෙන යනකොට ඒ ලෙඩේ තියෙන්නෙත් මට විතරක් නෙමේ.

Advertisements
 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

 
%d bloggers like this: